කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දිසාපති ක්‍රීඩා තරගාවලියේ පසුගියදා පැවති ක්‍රිකට් තරගාවලියේ පිරිමි ශුරතාවය හෝමාගම කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු හා අවසන් තරගයේ වීරයා ලෙස හෝමාගම කණ්ඩායමේ දිනේෂ් කපුරුගේ ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ලහිරු තාරක ද තරගාවලියේ වීරයා ලෙස ගයාන් හෙට්ටිආරච්චි ද කුසලාන හිමිකර ගන්නා ලදී.
දිසාපති කුසලාන කැරම් තරගාවලියේ අනු ශුරතාවය හෝමාගම කැරම් කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෝමාගම රමේෂ් දිල්ෂාන් විසින් දිනාගන්නා ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම් මත මෙම ජයග්‍රහණයන් අත්කර ගැනීමට හැකියාව ලැබිණ.














