හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මාවත්ගම කණිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනුෂි උදාරා මල්වත්ත දියණිය විසින් රචිත " සිහින මාළිගා" කෙටි කතා පොත හා "සිරගත නොවූ සිතුවිලි " කවිපොත දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා වෙත පිළිගැන්වීම ඔක්තෝම්බර් මස හතර වෙනිදා (4 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.
විවිධ බාධක රැසක් මධ්‍යයේ අධ්‍යාපනය ලබන දිනුෂි උදාරා මල්වත්ත දියණිය කවි, කතා ලිවීමට අමතරව ගීත ගායනය, වාදනය , රංගනය හා චිත්‍ර ඇදීමටද දක්ෂතාවයන් දක්වයි.
ඇගේ පළමු පොත 2019 වසරේදී "ඔව් මට පුළුවන් " නමින් කවි පොත එළිදක්වා ඇත.
" සිහින මාළිගා " පොත මුදුණය සදහා හෝමාගම ඩයමන්ඩ් සිංහ සමාජය ද මාවත්ගම සමෘද්ධි සංවර්ධන නිලධාරී නලින් හත්වැල්ල මහතා අනුග්‍රාහක දායකත්වය දක්වා ඇත.
දිස්ත්‍රික් ලේකම් වරයා වෙත පොත් පිළිගැන්වීමේ අවස්ථාවට මාවත්ගම සමෘද්ධි සංවර්ධන නිලධාරී නලින් හත්වැල්ල මහතා, දිනුෂි උදාරා මල්වත්තගේ දිණියගේ මවද එක්විය.














