හෝමාගම   ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ කදනවත්ත ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්යය  සංවිධානය මගීන්  ප්‍රථම වරට සංවිධානය  කළ ලෝක ළමා දින සැමරුම්  උත්සවයක්  පසුගියදා  කදනවත්ත  ග්‍රාමයේදී  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.

 

මෙම උත්සව අවස්ථාවට දේශපාලන  නියෝජිතයින්  ,රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන් , අනුග්‍රාහක දායකත්වය  දුන් ව්‍යාපාරික පරිත්‍යාගශීලීන්  හා ප්‍රදේශවාසින් සහභාගී විය.

දරු දැරියන්ගේ  ගායනය , වාදනය හා නර්තනාංගයන්ගෙන් මෙදින  උත්සවය අලංකාරවත් විය.

දරුවන්ට දෙමාපියන් වඩා ආදරණියව සමීප කරනු පිණිස  සංවර්ධනය කර තිබූ  මාපිය වන්දනාව කාගෙත් ප්‍රශංසාවට බදුන් විය.

ළමුන් හැත්තෑ දෙනෙකු ගේ ( 70 ) සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී  දී Mission of Hope සංවිධානය මගින් සෑම දරුවකුටම වටිනා ත්‍යාග පිරිනමන ලදී.

 ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනියගේ හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනියන්ගේ සම්බන්ධීකරණයෙන් කදනවත්ත කාන්තා කාර්ය සංවිධානය විසින්  මෙම උත්සවය සංවිධානය  කරන ලදී .

Image00001CelebratingChildrenDayHomagamaKadanawatta

Image00002CelebratingChildrenDayHomagamaKadanawatta

Image00003CelebratingChildrenDayHomagamaKadanawatta

Image00004CelebratingChildrenDayHomagamaKadanawatta

Image00005CelebratingChildrenDayHomagamaKadanawatta

Image00006CelebratingChildrenDayHomagamaKadanawatta

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top