හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දියගම බටහිර  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  සාමාජිකයින් සදහා  " සිරුර  බලගන්වන දේශීය  ආහාර , බෝ  නොවන  රෝගවලින්  ආරක්ෂා වීම "  පිළිබද දැනුවත් කිරීමක්   පසුගිය  හත්වෙනිදා ( 7 )  දියගම සාලවනෝද්‍යානාරාම  විහාරස්ථ  ශාලාවේදී   හෝමාගම ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය ඒකකයේ  දේශීය ආයුර්වේද  වෛද්‍ය මාතාජී  දිසානායක  මහත්මියගේ  සම්පත් දායකත්වයෙන්  පවත්වන ලදී.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි සමාජ  සංවර්ධන අංශයේ  හා   දේශීය ආයුර්වේද වෛද්‍ය සංවර්ධන නිලධාරිනියගේ  සම්බන්ධීකරනයෙන් දියගම බටහිර  සමෘද්ධි සංවර්ධන  නිලධාරිනී  හිමාලි චම්පිකා  මහත්මියගේ  මූලිකත්වයෙන්  වැඩසටහන සංවිධානය  කරන  ලදී.

  දේශීය ආයුර්වේද වෛද්‍ය සංවර්ධන නිලධාරිනී    ජී.වී.නිලන්ති මහත්මිය,  ඵලදායීතා සංවර්ධන නිලධාරිනී  කමනි ඩයස්  මහත්මිය , ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනී  රසිකා දමයන්ති  මහත්මිය, සමාජ සංවර්ධන සහකාර  චමිලා  ජයතුංග මහත්මිය , දියගම බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී හිමාලි චම්පිකා මහත්මිය හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන  සාමාජිකයින්    මෙම අවස්ථාවට  එක්විය.

Image00001ElderlyDayCelebrationHomagamaDiyagama

Image00002ElderlyDayCelebrationHomagamaDiyagama

Image00003ElderlyDayCelebrationHomagamaDiyagama

Image00004ElderlyDayCelebrationHomagamaDiyagama

Image00005ElderlyDayCelebrationHomagamaDiyagama

Image00006ElderlyDayCelebrationHomagamaDiyagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top