සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් දීප ව්‍යාප්තව ලෝක වැඩිහිටි දිනය දා ක්‍රියාත්මක කෙරුන දැනුවත් කිරීමේ වැඩසටහන් හා ආයුර්වේද වෛද්‍ය සායන වලට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන ලෝක වැඩිහිටි දිනයදා දොලහේන වසමේ ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පවත්වන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහකාර අධ්යක්ෂ (සංවර්ධන )චමල්. ඩී. තේනුවර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද,
දොළහේන ග්‍රාම නිලධාරී වසමේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන ග්‍රාම නිලධාරී ,සමෘද්ධි සංවර්ධන නිලධාරී ,කෘෂි කර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ,විහාරස්ථාන දහම් පාසැල් ප්‍රධානාචාර්ය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශයේ සමාජ සේවා නිලධාරි,වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ,ඉඩම් පරිහරන සැලසුම් නිලධාරී , දේශීය ආයුර්වේද වෛද්‍ය සංවර්ධන නිලධාරී,ආයුර්වේද සංරක්ෂණ සභාවෙි වෛද්‍යවරුන් ,හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඵ්කකයේ වෛද්‍යවරුන් ,
වැඩිහිටි සමිතියේ සාමාජිකයින් ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම වැඩසටහන සිදු කරනු ලැබීය.
#විහාරස්ථාන භූමියේ සුදුහදුන් පැළයක් රෝපණය කිරීමද මෙදින සිදුකරන ලදී.














