පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් උදෑසන පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක දකුණ ග්‍රාම නිලධාරී වසමේ "සිරි මිහිඳු " පෙරපාසැලේ දරුවන් සදහා දිවා ආහාරය ලබාදීම ඔක්තෝම්බර් 17 වන දින සිදුකෙරින.
මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරිනී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මඩුල්ල මෙම අවස්ථාවට සහභාගී විය.
වටරැක දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .
වටරැක දකුණ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන සමෘද්ධි සංවර්ධන නිලධාරී ,ග්‍රාම නිලධාරී ,සංවර්ධන නිලධාරී හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම වසර අවසානය දක්වාම දිනපතාම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.














