පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් උදෑසන පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර ග්‍රාම නිලධාරී වසමේ "නිකිනි" හා "ශක්‍යා" යන පෙර පාසැල් දෙකෙහි දරුවන් සදහා උදෑසන කොල කැද ලබාදීම ඔක්තෝම්බර් 17 දින පිටිපන උතුර ග්‍රාමයේදී සිදුකෙරින.
පිටිපන උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී රේණුකා දමයන්ති මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














