ලෝක වැඩිහිටි  දිනය නිමිති කරගෙන  හෝමාගම   ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  කිරිවත්තුඩුව උතුර  ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන්  විසිතුන් දෙනෙකු  ( 23 ) වෙනුවෙන්  ඇස් කණ්නාඩි ලබාදීම  කිරිවත්තුඩුව  ශ්‍රී  සුබෝධාරාම විහාරස්ථානයේදී  විහාරාධිපති  පූජ්‍ය කිරිඉබ්බන්ආරේ  අරිය  විනීත  හිමියන්ගේ   ප්‍රදානත්වයෙන්   ඔක්තෝම්බර් දහනමවෙනි දින ( 19 )  සිදු කරන ලදී.

 

 2019 වසරේ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව  පැවැත්වූ කොඩි වැඩසටහනින්  උපයාගත්  අරමුදලින්  ඇස් කණ්නාඩි  ලබාගැනීමට  කටයුතු  යොදා තිබුණි.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමනාකාරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු  කළමනාකාරු පී.සංජීවනී වේවැල්වල මහත්මිය, සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය , කිරිවත්තුඩුව උතුර වසමේ ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන සමෘද්ධි සංවර්ධන නිලධාරී , ග්‍රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරිනී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලය ප්‍රමුඛ  සාමාජිකයින්  ඇස් කණ්ණාඩිලාභීන් මෙම අවස්ථාවට සහභාගී  වූහ.

කිරිවත්තුඩුව  උතුර  සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න  මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .

Image00001EyeGlassesDitribution

Image00002EyeGlassesDitribution

Image00003EyeGlassesDitribution

Image00004EyeGlassesDitribution

Image00005EyeGlassesDitribution

Image00006EyeGlassesDitribution

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top