ඔක්තෝම්බර් දහසය (16 ) වෙනි දිනට යෙදුන ලෝක ආහාර දිනය තේමා කරගනිමින් "දේශීය ආහාර පාන ප්‍රවර්ධනය" යන මැයෙන් දේශීය ආහාර පාන සකස් කිරීමේ වැඩසටහනක් මාවත්ගම ග්‍රාමයේ ධම්මෝදය හා ශයිනි ස්ටාර් යන පෙර පාසල් දෙකෙහි දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඉකුත් දහනමවෙනි දින ( 19 ) මාවත්ගම "සිද්ධාරාමය" විහාරස්ථානයේදී පවත්වන ලදී.
මුල් ළමාවිය සංවර්ධන සහකාර පී.ඒ චමරි ලක්මාලි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර සම්පත් දායකත්වය හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසිනි.
දේශීය ආයුර්වේද අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන) , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරිනී (දේශීය වෛද්‍ය) හා මාවත්ගම සංවර්ධන නිලධාරිනී මේ සදහා සහභාගි වන ලදී.














