මෙවරත් අති උත්කර්ෂවත්ව  හෝමාගමදී ...........

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය පසුගිය දා  උත්සවශ්‍රීයෙන්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

 

 කොළඹ අතිරේක දිස්ත්‍රික ලේකම් සම්පත් ඉඩංගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , රාජ්‍ය නිලධාරීන්,ප්‍රවින ජනප්‍රිය කලාකරුවන්,පාසල් සිසුදරුවන්,කාර්යාල නිලධාරීන් සහ ප්‍රජාවගේ  සහභාගීත්වයෙන් පැවැත්වුන මෙම උත්සවය ප්‍රවීන , සම්මානිත සාහිත්‍යවේදී  මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ  සාරගර්භ සාහිත දේශනයෙන් වර්ණවත් විය.

කලා ක්ෂේත්‍රයට කළ අතිමහත් මෙහෙවර අගය කරමින් පිරිනැමෙන හෝමාගම   විභූති ප්‍රසාද ප්‍රණාමයෙන්  ප්‍රවීන රංගවේදිනි  දමයන්ති ෆොන්සේකා මහත්මිය, ප්‍රවීන ලේඛක ජයරත්න ඉහළ කොඩිප්පිලි මහතා , ප්‍රවීන ජනමාධ්‍යවේදිනී නන්දි අලුත්ගේ  රත්නවීර මහත්මිය යන මහත්ම මහත්මීන්   මෙවර සාහිත්‍ය උළෙලේදී  ඇගයීමට ලක්විය.

ජනප්‍රිය රංගන ශිල්පින් වන අනුරුද්ධ්කා පාදුක්කගේ, උපේක්ෂා ස්වර්ණමාලි, සුලෝචනා වීරසිංහ ,රුක්ෂානා දිසානායක,සමන්ත කුමාර ගමගේ  යන අය ඇතුළුව බොහෝ කලා ශිලපීන් මෙම උත්සවය ඒකාලෝක කළ අතර කොට්ඨාසයේ  කලායතනයන්හි ශිල්ප ප්‍රගුණ කරනා දරුවන්ගේ  ම්හිරි රැඟුම් ,ගැයුම් සහ වැයුමෙන් මෙම උළෙල වඩාත් විචිත්‍රවත් විය.

ගායන,රංගන ,ලේඛන  යන අංශයන්හි ජාතික මට්ටමෙන් දක්ෂතා  ඉදිරිපත්කළ සහ ජාතික මට්ටමින් ජයග්‍රහණ ලැබූ කාර්යාලයෙහි සේවය නියුතු සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි  මිය, නිලංක නවෝද් සිරිවර්ධන මයා සහ කුමුදුනී චන්ද්‍රරාජි මුදලිගේ මිය  යන සංවර්ධන  නිලධාරීන් මෙම උත්සවයේදී ඇගයීමටද ලක්විය.

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙට සමගාමීව පැවැත්වුනු සාහිත්‍ය තරඟාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කරමින්  ඉන් ජයග්‍රහණ ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට  මෙහිදී ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කල අතර   ප්‍රාදේශීය ලේකම්තුමන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ  මග පෙන්වීම හා මෙහෙයවීම ඔස්සේ කාර්යාලයීය සංස්කෘතික අංශය ප්‍රධාන සෙසු නිලදරුවන්ගේ සංවිධාන ශක්තියෙන් හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය  සාර්ථක ලෙස පැවැත්විනි.

 

Image0001LiteraryFestival2022

Image0002LiteraryFestival2022

Image0003LiteraryFestival2022

Image0004LiteraryFestival2022

Image0005LiteraryFestival2022

Image0006LiteraryFestival2022

Image0007LiteraryFestival2022

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top