දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් හා බැඳී පවතින වගකීම් හා පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද දරුවන් නොකඩවා පාසල් යැවීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.10 වන දින කහතුඩුව ඩබ්.එම් පෙරේරා කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කිරීමේ කටයුතු හා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී බී.වී.එස් තේජාන්ති මහත්මිය විසින් සිදු කළ අතර කහතුඩුව පොලිස් ස්ථානාධිපති ඒ.එච්.කේ. ප්‍රියංකර මහතාද සම්පත්දායකත්වය ලබා දෙන ලදී.














