පවතින  ආර්ථික  තත්වයට යම් අයුරකින් සාර්ථක මුහුණ දිමට ප්‍රජාව තුල උනන්දුවක් සහ අභිප්‍රේරණයක් ඇති කරමින් ස්වයං රැකියාවක් ලෙස සිය ආර්ථික ස්ථාවරත්වය නගා  සිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන 2022-11-12 වන දින  දියගම නැගෙනහිර වසමෙහිදී පවත්වන්නට යෙදුණි.

 

පහසුවෙන් සොයාගත හැකි , සුලභ  දේශීය අල වර්ග  භාවිතා කරමින් ඒවා ඇසුරින් පුඩිම්, යෝගට්, රොටී  වැනි ආහාර සකස් කිරීම  පිළිබඳ මෙම වැඩසටහන මගින්  එම වසමෙහි කාන්තාවන්  දැනුවත් කිරීම එහිදී සිදුවිය.

දියගම නැගෙනහිර  වසමෙහි  ආර්ථික සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරීගේ සංවිධානයෙන්   ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය )සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙහි වෛද්‍යවරුන් විසිනි.

programtopromotelocalfood

programtopromotelocalfood 2

programtopromotelocalfood 3

programtopromotelocalfood 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top