2022/11/17 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටිපන උතුර ග්‍රාම නිලධාරි වසමේ සිටින පාසල් ළමුන්ගේ දෙමාපියන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සඳහා දායක කරගැනීමේ අරමුණින්, "ගෘහස්ථ මූල්‍ය කළමනාකරණය හා සමාජ ආරක්ෂණ ක්‍රමවේද" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටිපන උතුර වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය චන්ද්‍රකාන්ති රත්නායක මහත්මියගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් පිටිපන කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ ආරක්ෂණ නිලධාරී තාරක වන්නිආරච්චි මහතා විසින් සිදු කල අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ සම්බන්ධීකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙනවිය, සමාජ ආරක්ෂණ නිලධාරී තාරක වන්නි ආරච්චි මහතා, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඩයනා ඩිනාලි මහත්මිය හා ඵලදායිතා සංවර්ධන නිලධාරී ගයත්‍රී රසාංජලී මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයන ලදී.














