හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ජල්තර සහ හේන්පිට යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් 2022- 11-19 වන දින ජල්තර දම්සෙත් මහා විද්‍යාලයේදී මෙම ජංගම සේවාව පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින්, එකී සේවාවන් ජනතාව වෙත ගොස් වඩාත් ඵලදායීව ඉටුකර දීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
ජාතික හැඳුනුම්පත් සහ වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීම , උප්පැන්න සහතික ලබාදීමේ කටයුතු , දේශීය විදේශීය රැකියා, වෘත්තිය පුහුණු අවස්ථා , ආයුර්වේද වෛද්‍ය සායන, කුඩා ව්‍යාපාර සංවර්ධනය , ඉඩම් ගැටලු නිරාකරණය, උපදේශන සේවා, සමථකරණය , කාන්තා හා ළමා කටයුතු, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, සමෘද්ධි සේවා කටයුතු ,කෘෂි ක්ෂේත්‍රය සම්බන්ධ කටයුතු, අපනයන සංවර්ධනය, විදාතා පුහුණු වැඩසටහන් එමෙන්ම ක්‍රීඩා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සැපයෙන තවත් විවිධ ක්ෂේත්‍රයන් රැසක් යටතේ වන සේවාවන් මෙම ජංගම සේවා වැඩසටහන මගින් ක්‍රියාත්මක වී තිබිණි.
එසේම මෙම අවස්ථාවට සමගාමීව කාර්යාලයීය සමාජ සේවා අංශය මගින් අදාළ වසම්වල ආබාධිත ප්‍රජාව සඳහා රෝද පුටු ලබාදීම ද ළමා සංවර්ධන අංශය මගින් අවශ්‍යතා සහිත පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීම සහ කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශයෙහි සම්බන්ධීකරණයෙන් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ සහභාගීත්වයෙන් භාණ්ඩ අළෙවි පොළක්ද පවත්වන ලදී.
රුධිරගත සීනි පරීක්ෂාව, අධිරුධිර පීඩන පරික්ෂාව සහ රෝගාබාධයන් සඳහා ඖෂධ ලබාදීම ද සහිතව පැවැත්වු ආයුර්වේද වෛද්‍ය සායනය සඳහා ජනතාව වැඩි වශයෙන් සහභාගී වූ අතර හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය සහ මීගොඩ ආයුර්වේද රෝහලහි දායකත්වය මේ සඳහා හිමිවිය. මේ හා සමගාමීව "විෂන් කෙයා(ර්) " ආයතනය විසින් ප්‍රජාව සඳහා නොමිලේ අක්ෂි සායනයක්ද පවත්වන ලදී.
හංවැල්ල පොලිසිය, රජයේ සහ විවිධ පෞද්ගලික ආයතන, වැඩිහිටි සංගම්, සර්වෝදය, සමෘද්ධි සංගමය ඇතුලු සංවිධාන මෙම වැඩසටහන සඳහා සහයෝගය දැක්වූ අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම මත මෙම ජංගම සේවා වැඩසටහන සිව්වන වරටත් ක්ෂේත්‍ර නිලධාරී අංශය මගින් සංවිධානය කරන ලදි.
එමෙන්ම හේන්පිට සහ ජල්තර වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී,සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී , කෘ.ප.නි.ස නිලධාරීන් මෙම කටයුත්ත සඳහා සංවිධාන සහාය ලබාදුනි.
ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, සහකාර අධ්‍යක්ෂකතුමිය (සැලසුම්) ප්‍රධාන වසමෙහි නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරී, ආයතනයෙහි විවිධ අංශ නියොජනය කරමින් අදාළ නිලධාරීන්, බහුකාර්ය සංවර්ධන සහායක අැතුළු පිරිස මේ සඳහා සහභාගී විය.














