හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි සාමාජිකයින් සදහා මත්ද්‍රව්‍ය නිවාරණය හා ළමා ආරක්ෂාව , කාන්තා හිංසනය පිළිබද දැනුවත් කිරීමක් පසුගිය දහනම වෙනි දින (19 ) උඩුවන සුපේෂලාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි.
එහිදී ළමා ආරක්ෂාව හා කාන්තා හිංසනය පිළිබද දැනුවත් කිරීම හෝමාගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අජන්තා මහත්මිය විසින් ද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීම හෝමාගම පොලිස් ස්ථානයේ ප්‍රජා සංවර්ධන නිලධාරී අනුර හේ්මන්ත මහතා විසින් ද සිදු කරන ලදී .
උඩුවන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර එම අවස්ථාවට උඩුවන සංවර්ධන නිලධාරී අනූපමා මහත්මිය ද සම්බන්ධ විය.


















