සම්මානිත ,ප්‍රවීන , ජ්‍යෙෂ්ඨ  රංගවේදී  නීල්  අලස් මහතා හමුව සුවදුක් විමසීම සහ ඔහු විසින් ලාංකීය කලාවට කල අතිමහත් මෙහෙවර ආවර්ජනය කරමින්  සතුටු සිත් පෙරදැරිව මෙම වැඩසටහන 2022-11-30 වන දින හෝමාගම ,හබරකඩ ඔහුගේ නිවසේ දී   පැවැත්විණි.

 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි අනුග්‍රහයෙන්   හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්  සංවිධානය කල මෙම වැඩසටහන හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ  මෙහෙයවීමෙන් සහ සහකාර  ප්‍රාදේශිය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්  පවත්වන ලදී.

 කැලණි පාළම නාට්‍යයෙහි "චුට්ටේ " ලෙසින් විශිෂ්ඨ රංගන පෞරුෂයක්  පෙන්වාලු නීල් අලස් මහතා ධවලභීෂණ,ආඬිරැලේ නාඩගම, තාරාවෝ ඉගිලෙති, තල මල පිපිලා,  ගජමන් පුවත ආදී ප්‍රකට වේදිකා නාට්‍ය තුළද බිත්ති හතර, සොල්දාදු උන්නැහේ, මධුසමය, රිදී නිම්නය, පාලම යට ආදී සිනමා පට තුළද  දූ දරුවෝ වැනි ටෙලිනාට්‍ය තුලින්ද නොමද ජනප්‍රියත්වයට පත්වූ කලාකරුවෙකි.

වර්තමානයෙහි කලා කටයුතු වලින්  බැහැරව විවේකී සුවයෙන්  කාලය ගතකරනා මෙතුමා , මෙහිදී තම සුව දුක්  විමසීමට පැමිණීම පිළිබඳව පැමිණි පිරිසට කෘතවේදීත්වය පළ කරනු ලැබීය.

සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව අනුග්‍රහයෙන් නීල් අලස් මහතා වෙත වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය  විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, සංස්කෘතික  නිලධාරීන්  , හබරකඩ වත්ත වසමෙහි ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී  සහභාගි වෙන ලදී.

culture

culture 2

culture 3

culture 4

culture 5

culture 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top