ග්‍රාමීය ආර්ථික හා පුනර්ජීවන වැඩසටහනට සමගාමීව ""අඩු වයස් විවාහ අවම කිරිම සහ අඩු වයස් ගැබ් ගැනීම් වලක්වා ගැනිම" සඳහා නව යොවුන් වියේ ගැහැණු දරුවන් සඳහා විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් 2022-12-06 වන දින හෝමාගම ජනාධිපති විද්‍යාලයේදි පවත්වන ලදි .
වර්තමාන සමාජයෙහි පවතින විවිධ, විෂම , ගැටලුකාරී තත්වයන් අභියස නව යොවුන් ගැහැණු දරුවන්ගේ යහපැවැත්මට අත්වැලක් සැපයීමේ අරමුණු පෙරදැරිව පවත්වන්නට යෙදුණු මෙම වැඩසටහන සංවිධානය හෝමාගම ජනාධිපති විද්‍යාලයේ උපදේශන නිලධාරිනි දිනුෂා ජයමාලි මහත්මිය විසින් සිදු කරන ලදි.
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 9වන ශ්‍රේණියෙහි ඉගනුම ලබන දියණියන් සඳහා පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ගුරු මණ්ඩලය සහ ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය සහභාගී විය .
ළමා හිමිකම් ප්රාවර්ධන නිලධාරි බී.වී.එස්. තේජාන්ති මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර වැඩසටහන සඳහා සහභාගීවූ දියණියන්ට මෙහිදී " දියණි" ළමා චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාවද ලබා දෙන ලදී.














