හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින්  2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ පුණ්‍ය ග්‍රාම වැඩසටහනේ සමාප්ත වැඩසටහන 11-12-2022 වන දින කිරිවත්තුඩුව පුරාණ විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුණි .

 

යහපත් හෙට දවසක් සඳහා යහපත් දැයක් ගොඩනැගීමේ අරමුණින් ඒ සඳහා අනාගත පරපුර නිසි මාවතකට යොමුකිරීමේ අරමුණ පෙරදැරිව දහම් පාසල් දරුවන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් සහ  මත් ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් මුදවා ගැනීම පිළිබඳව දෙමාපියන්  දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය පුනරුත්තාපනය වූවන්ගේ ආර්ථික , සමාජයීය හා සුබ සාධන සම්බන්ධීකරණ කාර්යාලයේ ලුතිනල් කර්නල් M.D.K.S.මායාදුන්න මහතා ,අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරක සුපුන් උදාර මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය   සමථකරණ නිලධාරි හිමාලි කටුගම්පල මහත්මිය විසින් ලබාදෙන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ   මග පෙන්වීමෙන් කාර්යාලයීය බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්  විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර  කිරිවත්තුඩුව උතුර වසමෙහි සංවර්ධන නිලධාරී තුමිය , දහම්පාසල් දරුවන් සහ දෙමාපියන් මේ සඳහා සහභාගී විය.

 

Punyagrama Program

Punyagrama Program 2

Punyagrama Program 3

Punyagrama Program 4

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top