හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .16 වන දින එම වසමෙහි සේවා පියසෙහි දී සිදු කරන ලදී.
එහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන්ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කෙරුණි .
මෙම වැඩසටහනට සමගාමීව කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම පෙරදැරිව වෙළෙඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පැවැත්විණි .
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.


















