හෝමාගම ජල්තර සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන් සදහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගියදා ජල්තර සේවා පියස පරිශ්‍රයේදී පැවැත්වින.
කණ්ඩායම් ක්‍රයාකාරකම් සමගින් නායකත්ව කුසලතා වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණය, රසවින්දනය හා උපදේශනය වැඩසටහන් සමගින් ගිනිමැල සංදර්ශනය මෙදින දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වු වැඩසටහන් වේ.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කර්නල් කැලුම් මායාදුන්න මහතා , අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ සහකාර සුපුන් උදාන මහතා, සංගීතවේදී දමිත් නන්දන මහතා සහ සර්වෝද නායකයින් නායකත්ව පුහුණු වැඩමුළුවට සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගණකාධිකාරි පී.ආර්.කුරුප්පු අච්චිගේ මහතා, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතා, මීගොඩ සමෘද්ධි බැංකු කළමනාකාරු ඒ.ආර්.රූපසිංහ මහතා, සර්වෝදය කොළඹ දිස්ත්‍රික් සමාජ වැඩසටහන් සම්පාදිකා අමිලා වෙත්තසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් , වැඩසටහනට අනුග්‍රාහක දායකත්වය දැක්වූ බ්‍රවුන්ස්, ලංකා ටයිල් ඇතුළු ආයතනයන්හි නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික නිලධාරිනී තිසරු කෝට්ටගේ මෙනවිය, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ජල්තර ග්‍රාමයේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, ජල්තර සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ නිලධාරීන් හා සර්වෝදය ශ්‍රමදාන සමීති නිලධාරීන් මෙදින වැඩසටහනට සහභාගී වූහ.
ජල්තර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී චන්ද්‍රිකා සමන්මලී මහත්මියගේ මූලිකත්වයෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ හා සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සහාය ඇතිව මෙම නායකත්ව පුහුණු වැඩමුළුව සංවිධානය කරන ලදී.























