ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව "ප්‍රවේශ විය  හැකි සාධාරණ  ලෝකයක් " තේමාව යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ   අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා මහෝත්සවය  19-12-2022 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි .

 

කොට්ඨාසයේ ව්ශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ රැඟුමින්,ගැයුමෙන් වර්ණවත් වූ මෙම වැඩසටහන සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස පළාත් සමාජ සේවා  අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, සහකාර පළාත්  සමාජ සේවා    අධ්‍යක්ෂ භාග්‍යා වීරසිංහ  මහත්මිය සහ හෝමාගම ප්‍රාදේශීය   ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරි , නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම්) සහභාගී විය.

එසේම මෙම උත්සවය සඳහා  විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සහ ඔවුන්ගේ භාරකරුවන්  150 දෙනෙකුගේ පමණ සහභාගීත්වයක් හිමිවිය. කලා උලෙළ අවසානයේදී ඔවුන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් තුළ අභිප්‍රේරණය  ඇතිකරමින්  ත්‍යාග ප්‍රධානය කිරීමද සිදුවිය.

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව  සහ පරිත්‍යාගශිලීන්  රැසකගේ දායකත්වයෙන් පැවැත්වුනු මෙම උත්සවය හෝමාගම ප්‍රදේශීය ලේකම් තුමාගේ  අධීක්ෂණයෙන් කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලදී.

Art festival for children19122022

Art festival for children19122022 2

Art festival for children19122022 3

Art festival for children19122022 4

Art festival for children19122022 5

Art festival for children19122022 6

Art festival for children19122022 7

Art festival for children19122022 8

Art festival for children19122022 9

Art festival for children19122022 10

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top