දරුවන්ගේ කලා කුසලතාවයන් වඩාත් ඔප්නංවා ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීම  අරමුණු කොට ගෙන ආරම්භ කරන ලද "ළමා රඟ මඩළ" නාට්‍ය සංචිතයෙහි ප්‍රථම වීදි නාට්‍යය 2022-12-28 වන දින හෝමාගම  සතිපොළ  පරිශ්‍රයේදී  රංගගත විය.

 

 හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  නාට්‍ය හා රංග කලාව කෙරෙහි දක්ෂතා සහිත  දරු දැරියන් 12 දෙනෙකු ගෙන් යුතු මෙම   නාට්‍ය කණ්ඩායම , මෙම නිර්මාණය ඔස්සේ   සමාජයට වඩාත් යහපත් පණිවිඩයක්  එක් කරමින් සිය දක්ෂතා ඉදිරිපත්  කරන ලදී.

 

සති පොළ භූමියට පැමිණෙන මහජනයා ඉලක්ක කොට ගනිමින් ප්‍රදර්ශනය වුනු මෙම නාට්‍ය නැරඹීමේ අවස්ථාව  සඳහා හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය  ගණකාධිකාරිතුමන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ මහජනතාව  රැසක්ද එක්විය.

 

සංස්කෘතික නිලධාරී(බ.ප) තිසරු කෝට්ටගේ මෙය විසින් මෙම  නාට්‍යය පුහුණුව   සිදුකළ අතර කාර්යාලයීය ග්‍රාම සංවර්ධන නිලධාරී ප්‍රභාත් දේවප්‍රිය මහතා විසින් මේ සඳහා  මුල්ලේගම දකුණ ග්‍රාම සංවර්ධන  සමිතියෙහි අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු සිදු කරන ලදී.

 

ළමා රඟමඩළ නාට්‍ය සංචිතය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සංස්කෘතික අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

street play

street play 2

street play 3

street play 4

street play 5

street play 6

street play 7

street play 8

street play 9

street play 10

street play 11

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top