හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර වසමෙහි බී.ඒ .අමරසිංහ අනුස්මරණ පුස්තකාලය කොවිඩ් වසංගත තත්වයත් සමග අක්‍රීයව පැවතුණ අතර, එය නැවතත් සක්‍රීය තත්වයට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2023-01-17 වන දින ප්‍රසන්නපුර වසමෙහිදී පැවැත්වුණි.
කාළයක් මුළුල්ලෙහි ප්‍රදේශවාසී ළමා,වැඩිහිටි සැමගේ දැනුමට සහ කියවීමට අත්වැලක් සපයමින් ඉතා සක්‍රීය මට්ටමේ පැවැත්වුණු මෙම පුස්තකාලය, රටතුළ පැතිර ගිය කොවිඩ් ව්‍යසනය හේතුවෙන් පසුගිය වසර 3ක පමණ කාලයක සිට ප්‍රජාවගේ පරිහරණයෙන් ඉවත්ව පැවතුණි.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් පුස්තකාලය නැවත ආරම්භ කිරීමෙහි කටයුත්තෙහි ආරම්භක පියවර ලෙස පුස්තකාලය සංවර්ධනය කිරීමෙහි පාඨක සමාජය මෙහිදී පිහිටුවන ලදී.
ප්‍රදේශවාසී තරුණ ප්‍රජාව,දුවා දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නියෝජනයන් සහිතව මෙහිදී පාඨක සමාජය සඳහා නිලධාරී මඬුල්ලක් තෝරා පත්කර ගන්නා ලදී.
එමෙන්ම ඉදිරියෙහිදී ශ්‍රමදානයක් මගින් පුස්තකාල පරිශ්‍රය පිරිසිදු කොට ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව පුස්තකාලය ආරම්භ කිරීමටත්, පුස්තකාල කටයුතු යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම පිළිබඳ සැලසුම්ද මෙහිදී සාක්ච්ඡාවට ලක්විය.
කාර්යාලයීය සංස්කෘතික නිලධාරීන් , වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ග්‍රාමීය ප්‍රජාව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



















