හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තාවන් සඳහා පුහුණු වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.01.20 වන දින සේවා පියසෙහි දී සිදු කරන ලදී.
පවතින ආර්ථික අපහසුතා සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හදුන්වා දීමේ අරමුණින් පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් සහ "ව්‍යවසායක කාන්තාවක් ලෙසින් දිරිමත්ව,නිර්මාණශීලීව කටයුතු කළ යුත්තේ කෙසේද ? " යන්න පිළිබඳව මෙහිදී කාන්තාවන් දැනුවත් කරන්නට යෙදුණි.
එමෙන්ම කාන්තා කාර්ය සංවිධානයේ අරමුණු සමග එක්ව සමාජිකාවන්ගේ ආර්ථික උන්නතිය උදෙසා මාසික පොළ සංවිධානය කිරිමට අවශ්‍ය උපදෙස්ද මෙහිදී ලබා දෙන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරී සහ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් ඉටු කරන ලදී.


















