හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා සමිති සාමාජිකාවන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර මළු බෙදා දීම අප්‍රේල් මස 15වනදින මුල්ලේගම දකුණ කෘෂි සමූපකාර බැංකු ශාලාවේ දී සිදු කරන ලදී.
පවතින අර්බුදකාරී ආර්ථිකය හමුවේ පීඩාවටපත් අඩු ආදායම්ලාභී කතුන්ට යම් සහනයක් ලබාදීම මෙම ප්රදානය සිදුකිරීමේ අරමුණ වන අතර මේ සඳහා අනුග්‍රහය මුල්ලේගම කෘෂි සමූපකාර සමිතිය විසින් ලබාදුනි.
මුල්ලේගම දකුණ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.


















