හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රාදේශිය කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුවක් 2023.05.02 වන දින කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
කාන්තා කාර්ය සංවිධානය තුළ ස්වේච්ඡා නිලධාරියෙකු වශයෙන් තමන් සතුවන වගකීම හා වගවීම මෙන්ම නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම තුළ හිමිවන තත්ත්වය හා හැකියාව පිළිබඳව මෙහිදී ප්රායෝගික ක්රියාකාරකම් පාදක කොට ගනිමින් අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දුන් අතර සමිති නිලධාරින් සතුව නඩත්තු කළ යුතු ලේඛන හා මුදල් පොත් තැබීම පිළිබඳව ඉතා සරළව අවබෝධය ලබා දීමට කටයුතු සංවිධානයව තිබුණි.
ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය දිස්ත්රික් ලේකම් කාර්යාලීය වනිතා සංවර්ධන නිලධාරි අනුරාධා මයාදුන්න මහත්මිය විසින් ලබා දෙන ලදී.
මෙම වැඩමුළුව සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරි , වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදුකරන ලදී.



















