හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත්, අඩුආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 250 දෙනෙකු සඳහා මුදල් ආධාර සහ පොත් පත් බෙදාදීම 2023-05-04වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණි.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බි. එස් කැකුලාවල මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනෙහි පොත්පත් බෙදා දීම සඳහා දායකත්වය බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, මහින්ද පොත්හල සහ සේනාධීර පොත්හල යන ආයතන විසින් ලබාදුනි.
එමෙන්ම ,වෙළෙඳ ව්‍යාපාරික ලලිත් වීරසිංහ මහතාගේ දායකත්වයෙන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ දරුවන් වෙත දිවා ආහාර වේලක්ද ලබාදීමට කටයුතු සංවිධානය වී තිබුණි.
මෙම වැඩසටහනට සමගාමීව ළමුන් සඳහා උපදේශන සේවාවන් ලබාදීම උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරාල මහතා සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ප්‍රතාපගේ යන මහත්වරුන් විසින් සිදු කෙරුණි .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන කාර්යාලයිය සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලදී.



















