ආයුර්වේද වෛද්‍ය වෘත්තීයේ ගුණාත්මක බව රැකීම සහ ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් ලබාදීම සඳහා ආයුර්වේද සංරක්ෂණ සභා වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා වූ පුහුණු වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයම නියෝජනය වන පරිදි 2023-07-26 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස්මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන් යුතුව පවත්වනු ලැබූ මෙම වැඩසටහන ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය අතිරේක ලේකම් (සංවර්ධන ) ඕ.වී.චන්දන තිලකරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන ) චමල් ඩී.තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භය සිදුවිය.
ප්‍රාදේශීය ලේකම්තුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා , ආයුර්වේද දෙපාර්තමේන්තුව , ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල ,දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය නියෝජනය කරමින් වෛද්‍යවරුන් සහ නිලධාරීන් ද කොළඹ දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් ( දේශීය වෛද්‍ය )ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආයුර්වේද සංරක්ෂණ සභා වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සදහා වටිනා දේශන මාලාවක්ද මෙහිදී සංවිධානය කර තිබුණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය )විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි .



















