හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව විජේවර්ධන මහාවිද්‍යාලයීය සිසු දැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගැහැණු දරුවන් බලගැන්වීමේ පුහුණු වැඩසටහන 2023-07-26 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමිව විද්‍යාලයේ පිරිමි දරුවන් සඳහා උපදේශන, මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා ආරක්ෂණය පිළිබඳ වැඩසටහන් මාලාවක්ද සංවිධානය වී තිබිණි.
ගැහැණු දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා ගෝල් ආයතනය විසින් අනුග්‍රාහකත්වය දරන ලද අතර උපදේශන සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා සහ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන නිළධාරි නදීෂා පේළිආරච්ච් මහත්මිය සහ ගිෂානි උමේගා මහත්මියද ළමා අරක්ෂණය පිළිබඳව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින්ද සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
කාර්යාලයීය ළමාහිම්කම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සංවිධාන සහාය වසමෙහි සංවර්ධන නිලධාරී විසින් ලබාදෙන ලදී.





















