ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධන හදිසි ආධාර ප්‍රතිපාදන ව්‍යාපෘතිය , ආසියානු සංවර්ධන බැංකු ආධාර වැඩසටහන යටතේ පුහුණු වෘත්තීයවේදී කාන්තා ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නුපුහුණු තරුණ කාන්තාවන් උදෙසා ආරම්භ කෙරුණු  වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන 2023.07.31 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

 

වැඩසටහනෙහි ඉලක්කගත කණ්ඩායම ලෙස සීතාවක , පාදුක්ක, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කාන්තා කාර්ය සංවිධානවල සිටින තරුණ කාන්තාවන් 60 ක් මෙම වැඩසටහන සඳහා  දායක කරගනු ලැබිණි.

කාන්තා ,ළමා  කටයුතු හා සමාජ සවිබල සවිබල ගැන්වීමේ  අමාත්‍යාංශයේ  ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ  චම්පා  උපසේන  මහත්මිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා, සහකාර අධ්‍යක්ෂ සුභානී ජයසේකර මෙනවිය, අධ්‍යක්ෂ - (වෘත්තීය මාර්ගෝපදේශන  හා ප්‍රවර්ධන) ඊ.ඒ.ඩි.සේනාරත්න මහතා ,ජේෂ්ඨ පුහුණු නිලධාරී චමීර සමරදීර මහතා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා  සීතාවක, පාදුක්ක, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි වනිතා සංවර්ධන නිලධාරීන් සහ හෝමාගම වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර යන අය මෙම වැඩසටහන සඳහා සහභාගී විය.

creationofafemaleworkforce20230803

creationofafemaleworkforce20230803 2

creationofafemaleworkforce20230803 3

creationofafemaleworkforce20230803 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top