ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය තරග අගෝස්තු මස 3වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මෙම තරගමාලාව යටතේ පද්‍ය ගායනා කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ , සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන අංශ සඳහා තරග පැවැත්වූ අතර මේ සඳහා කොට්ඨාසයේ පාසල් , දහම් පාසල් හා කලායතනයන්හි සිසුන් සහභාගී විය.
මෙහිදී තරග සඳහා විනිශ්චය කටයුතු සිදුකිරීමට කාලායතනාධිපති කොෂිනි හංසමාලා මහත්මිය ,සංගීත විශාරද සුජානි හෙට්ටිආරච්චි මහත්මිය හා තිසරු කෝට්ටගේ මෙනවිය යන අයගේ සම්පත්දායකත්වය හිමිවිය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සංස්කෘතික අංශය මගින් මෙම තරග සංවිධාන කටයුතු සිදු කරන ලදි .

















