ගැහැණු දරුවන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව "ගෝල්" එක් දින පුහුණු වැඩසටහන 2023-08-07 වන දින පිටිපන මහා විද්‍යාලයේදී පැවැත්විණි .

 

පිටිපන මහා විද්‍යාලයීය සිසුවියන් 130 කගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන, ගැහැණු දරුවන් සවිබල ගැන්වීම සඳහා සර්ච් ආයතනය මගින් සංවිධානය වන්නකි.

මෙම වැඩසටහන හා සමගාමීව එම විද්‍යාලයීය පිරිමි දරුවන් සඳහා ළමා ආරක්ෂණය, උපදේශනය, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වූ අතර ඒ සඳහා කාර්යාලයීය ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී දෙපළ, උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා, මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන නිලධාරීන් වන නදීශානි පේළිආරච්චි , ගිෂානි උමෙන්ගා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල නිලධාරීන්ගේ සම්පත්දායකත්වය හිමිවිය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගීත්වය හිමිවූ අතර මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන නිලධාරී නදීශානි පේළි ආරච්චි මහත්මිය සහ වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී පී.එස්.සී. රත්නායක විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය සහ මෙහෙයවීම ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී .

https://fb.watch/mtnkK5hZKv/

 

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top