හෝමාගම  සමෘද්ධි  ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකත්වය හිමි සමෘද්ධි හා අඩුආදායම් ලාභී පවුල්  වල 2023 වසරේ පහ වසර ශ්‍රේණියේ  අධ්‍යාපනය ලබන දරුවන්  197 දෙනෙකු  සදහා පාසැල් අභ්‍යාස පොත්  ලබාදීම  පසුගියදා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී .

 

මෙදින ලබාදුන් අභ්‍යාස පොත් කට්ටල  වල මුල්‍ය වටිනාකම  රුපියල් 394,000/= ක් වූ අතර  පරිත්‍යාගශීලීන්, සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන, මීගොඩ, හෝමාගම ,පිටිපන, මත්තේගොඩ ,පොල්ගස්ඕවිට යන සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු  සමිතියේ  මුල්‍ය අනුග්‍රාහක  දායකත්වයෙන් මෙම පාසැල් අභ්‍යාස පොත් ලබාදෙන ලදී .

අභ්‍යාස  පොත් කට්ටල ලබාදීමේ වැඩසටහනට සමගාමීව දරුවන් සදහා "  මතක ශක්තිය  වර්ධනය " කර ගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී  ටෙරන්ස් අතුකෝරල  මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන ලදී.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති කළමණාකරු  සංජීවනී වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි  මහත්මිය, හෝමාගම කොට්ඨාසයට අයත් සමෘද්ධි කලාප පහෙහි ක්ෂේත්‍ර  කලාප සහකාර මහත්ම මහත්මීන් , පාසැල් දරු දැරියන් හා ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකයින්  මෙම අවස්ථාවට එක්වූහ.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත සමෘද්ධි සමාජ සංවර්ධන අංශය හා සමෘද්ධි  ප්‍රජා මූල සංවිධාන  අංශය එක්ව මෙම වැඩසටහන  සංවිධානය  කරන ලදී.

SamurdhiPrajaMoola2023

SamurdhiPrajaMoola2023 2

SamurdhiPrajaMoola2023 3

SamurdhiPrajaMoola2023 13

SamurdhiPrajaMoola2023 18

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top