ප්‍රජාව වෙත යහපත් ජීවන තත්වයක් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද සමථකරණය සහ ප්‍රජා ඵලදායිතාව පිළිබඳ ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-18 වන දින හේනවත්ත සහ ඔවිටිගම වසම් ද්විත්වය මුල් කොට ගෙන පැවැත්විණි.
මෙහිදී, හඳුනාගත් ගැටුම් ආරවුල් ඇති පවුල්වෙත ගොස් සමථකරණයට යොමුකිරීම,අදාළ දැනුවත් කිරීම් සිදු කර නිරවුල්කරණයට පහසුකම් සැලසීම,විමර්ශන කටයුතු සිදු කිරීම, අත්පත්‍රිකා බෙදාදීම,වසමේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීම සමථකරණ විෂය ක්ෂේත්‍රයට අදාළව සිදුකෙරුණි .
ඵලදායිතා විෂය හා සමගාමීව ,ගෘහස්ථ ඵලදායිතාව නංවාලීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම,ගෙවතු වගා පරීක්ෂාව හා මදුරු ගහනය තුරන්කිරීමට අවැසි මගපෙන්වීම ආදී කටයුතු සිදුකරන ලදී.
ප්‍රතිලාභී පවුල් 25කට පමණ මෙහිදී මෙම සේවාවන් ලබාදීමට හැකි වූ අතර , හේනවත්ත ආර්ථික සංවර්ධන නිලධාරී නවෝද් සිරිවර්ධන මහතා හා හේනවත්ත වැඩිහිටි සමිතියේ සභාපතිතුමා මෙම අවස්ථාව සඳහා සහභාගී විය.මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ නිලධාරී හිමාලි කටුගම්පල එලදායිතා නිලධාරී කමනී ඩයස් මහත්මිය විසින් ලබාදෙන ලදී.




















