සමථකරණ ක්‍රියාවලිය සහ  ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන් කුරුඳුවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-03 වන දින  කුරුඳුවත්ත දිවා සුරුකුම් මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිණ.

 

ගැටුම් ,ආරවුල්වලින් පීඩා විඳින පුද්ගලයන්  හඳුනාගනිමින්  ඔවුනට අවැසි උපදේශනය ලබා දීම, සමථකරණයට යොමු කිරීම   මෙන්ම ,ගෘහස්ථ ඵලදායිතාව  නගා සිටුවීම, ගෙවතු වගාව හා  පොලිතින් නිෂ්කාශනයට අදාළ උපදෙස් ලබා දීම මෙම වැඩසටහන මගින් සිදුවිය.

මේ සඳහා ඉලක්කගත කණ්ඩායම වශයෙන්  කුරුඳුවත්ත ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රජා නායකයන් හා සාමාජික පිරිස40කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.

ග්‍රාම නිලධාරී ,  කෘෂිකර්ම පරියේෂණ නිෂ්පාදන සහකාර  මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සංවිධාන සහය ග්‍රාමසංවර්ධන නිලධාරී ප්‍රභාත් දේවප්‍රිය මහතා විසින් සිදුකරන ලදී.

සමථ නිලධාරි හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන නිලධාරී  කමනි ඩයස් මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුනි.

mediationandproductivity20230903

mediationandproductivity20230903 2

mediationandproductivity20230903 3

mediationandproductivity20230903 4

mediationandproductivity20230903 5

mediationandproductivity20230903 6

mediationandproductivity20230903 7

mediationandproductivity20230903 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top