උද්‍යාන අලංකරණ ක්ෂේත්රය තුළ දැනටමත් රැකියාවක නියැලෙන සහ අනාගතයේදී උද්‍යාන අලංකරණ ක්ෂේත්රයේ රැකියාවක නිරත වීමට අපේක්ෂා කරන්නන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ උද්‍යාන අලංකරණ පුහුණු වැඩමුළුව 2023-09-07 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
වර්තමානයේ පවතින ආර්ථික පරිසරය තුළ , රැකියා විරහිතභාවය තුරන්කිරීම සහ නවරැකියා අවස්ථා සඳහා මග සැලසීම මෙන්ම ඒ සඳහා සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව සංවිධානය කල මෙම වැඩසටහන දින 5 ක න්‍යායාත්මක හා දින 10 ක ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.
මේ සඳහා ප්‍රතිලාභීන් 30කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බිනූප එස්. කැකුලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුවෙහි සමාරම්භය සනිටුහන් විය.
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි ප්රතිපාදනයෙන් සහ සම්පත්දායකත්වයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන්, කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.






















