ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස හෝමාගම - කටුවාන මංසන්ධියේ නිරතුරුව ඇතිවන රථවාහන තදබදය මඟහැරීම පිණිස එම මංසන්ධිය මග හැරෙන පරිදි මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිනවයෙන් කාපට් අතුරා ඉදිකළ හෝමාගම - කටුවාන බයිපාස් මාර්ගය දෙපස සෙවන වන පරිදි හා පරිසරයට පිරිිසිදු වාතය ලැබෙන පරිදි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 2023.09.23 දින එම පරිශ්‍රයේදී පැවැත්විණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරන ලද මී පැළ සහ කුඹුක් පැල ,100 ක් ,අඩවි වන නිලධාරී කාර්යාලය මගින් ලබා දුන් අතර, බාලදක්ෂ පෝතක දරුවන්ගේ මැදිහත් වීමෙන් එම පැළ සිටුවීම සිදු කරන ලදි .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු කටුවාන වසමෙි ග්‍රාම නිලධාරී තුමිය ,ඉඩම් පරිහරන සැලසුම් සංවර්ධන නිලධාරී,සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය ), ආයුර්වේද සංරක්ෂණ සභාවෙහි එකමුතුවෙන් සිදු කරනු ලැබීය





















