පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයට මුහුණ දීමට, කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ වැඩ සැලසුම් යටතේ
හබරකඩ දකුණ ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් වෙත නිර්මාණශීලී, වෙලඳපොළ ඉල්ලුම සහිත පාපිස්නාවක් ගෙතීම සඳහා පුහුණු වැඩසටහනක් 2023.09.24 වන දින සිදු කරන ලදී. මේ සඳහා සම්පත්දායකත්වය මනෝෂා රම්යකුමාරි මහත්මිය විසින් සපයන ලද අතර , වැඩසටහන සම්බන්ධීකරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් සිදුකෙරුණි.


















