හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පනාගොඩ නගරය ග්‍රාම නිලධාරී වසමෙහි, අඩු ආදායම්ලාභී පවුලක දියණියක් සඳහා සිය ක්‍රීඩා කටයුතු සඳහා සවියක් වීමට ක්‍රීඩා නිලධාරී සහ වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ මැදිහත් වීමෙන් හැකියාව ලැබිණි.

බප/හෝ/පනාගොඩ පරාක්‍රම විද්‍යාලයෙහි 10 ශ්‍රේණියෙහි අධ්‍යාපනය ලබන කේ.ඩී.හසිනි විමංසා දියණිය 100m, 200m ධාවන ඉසව්වන්හි කලාප තරගාවලියෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය ලබාගත් අතර, පළාත් තරගය සඳහා ඉදිරිපත්වීමට ස්පයිස් සපත්තු යුගලක් නොමැති වීමෙන් ගැටළුකාරී තත්වයන් මතුවී තිබිණි.

පනාගොඩ නගරය වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරිනිය සහ ක්‍රීඩා නිලධාරීගේ මැදිහත් වීමෙන් කොළඹ සුප්‍රකට ව්‍යාපාරික මාණික්කම් මහතාගේ අන්‍රග්‍රහයෙන් 2023-09-22 දින ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ඇය වෙත මෙම පරිත්‍යාග සිදුකෙරුණි.

20230922Supportforadaughter

20230922Supportforadaughter 2

20230922Supportforadaughter 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top