ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව, හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023-09-27වන දින  හෝමාගම ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ  පැවැත්විණි.

 

ජන සංගීතය මුල්  කරගනිමින් මෙවර ප්‍රධාන සාහිත්‍ය දේශනය  ප්‍රවීන සංගීතවේදී  විශාරද විජිත අනුප්‍රිය මහතා   විසින් පැවැත්වූ අතර,සාහිත්‍ය තරඟ සඳහා ඉදිරිපත්ව ඉන් ජයග්‍රහණය කරන ලද පාසල් හා  විවෘත අංශයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය  මෙන්ම ප්‍රදේශයේ කලායතනයන් විසින් ඉදිරිපත් කරන ලද සම්ප්‍රධායික සහ නිර්මාණාත්මක නර්තනාංගයන්ගෙන් සහ වාදනයන්ගෙන් උළෙල වර්ණවත් විය.

කලාව වෙනුවෙන් කරනා ලද මෙහෙවර අගය කරනු වස් පිරිනැමෙන හෝමාගම විභුති සම්මානය,   රංගවේදිනී සන්ධ්‍යා සේපාලි මහත්මිය වෙතද වේශ නිරූපන ශිල්පිනී ගයනි සතරසිංහ මහත්මිය සහ  නර්තනවේදී  නිලාන් මලිගැස්පේ මහතා වෙත ප්‍රදානය කිරීම මේ හා සමගාමීව සිදුකිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

  කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් නියෝජනය කරමින් සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රධාන ගණකාධිකාරිතුමන් , කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් අැතුලු  රජයේ සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම , කලාකාමී ,සහෘද රසවත් පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු ප්‍රාදේශීය  සාහිත්‍ය කලා මහෝත්සවය   හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීමෙන් කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය  විසින්  සංවිධානය කරන ලදී.

20230927LiteraryArtFestival

20230927LiteraryArtFestival 2

20230927LiteraryArtFestival 4

20230927LiteraryArtFestival 8

20230927LiteraryArtFestival 9

20230927LiteraryArtFestival 16

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top