ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන "ඵලදායිතා හා නව්‍යකරණය " පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලාවේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උළෙල 2023/10/04වන දින හෝමාගම , ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

 

ඵලදායිතා සංකල්පය , දුවා දරුවන් වෙත රැගෙන යාම හා එමගින් දරුවන් තුළ වඩාත් සාධනීයත්වයක් ඇති කරලීමේ අරමුණු සහිතව මෙම වැඩසටහන සංවිධානය විය.

2020 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියෙහි පාසල් අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය මේ සඳහා තොරාගන්නා ලද අතර ,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂක සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයෙහි අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන් , හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය , හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්, සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් ඵලදායිතා නිලධාරීන් ප්‍රධාන සිසුදරුවන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය .

හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය ඵලදායිතා සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලදී.

20231004InaugurationCeremony

20231004InaugurationCeremony 2

20231004InaugurationCeremony 3

20231004InaugurationCeremony 4

20231004InaugurationCeremony 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top