ශ්‍රී ලංකීය  කලා ක්ෂේත්‍රය   තුළ අමරණීය සලකුණ එක් කරමින් හෙළ කලාව වෙත මහත් සේවයක් ඉටු කරමින්  ,ලාංකීය කලාව දිග්විජය කල කලාකරුවන් වෙත පිදෙන ගෞරවණීය වූ "කලාභූෂණ " රාජ්‍ය සම්මානය 2023-10-11 වන දින ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා යොවුන් රඟහලෙහිදී පැවැත්විණි.

 

මෙහිදී, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කලාකරුවන් සිව්දොනකු  කලාභූෂණ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

ලේඛක එස්.වී.පී. සිරිසේන මහතා, ලේඛිකා හේමා කුරුප්පු මහත්මිය, ලේඛක පියසිරි මාතරගේ මහතා සහ නර්තන ශිල්පී චන්ද්‍රදාස පෙරේරා  මහතා මෙලෙස  සමමානයට පාත්‍ර වූ කලාකරුවන් වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම් බිනුප කැකුලාවල මහතා සහ සංස්කෘතික නිලධාරී නාලිනී ස්වර්ණලතා මහත්මිය සහ සංස්කෘතික බල මණ්ඩල සමාජිකයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය .

20231011KalabhushanaAward

20231011KalabhushanaAward 2

20231011KalabhushanaAward 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top