ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු අංශය එක්ව සංවිධානය කරනු ලැබූ, කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකයන් අතුරින්  තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක වන  ව්‍යාපෘතියේ දෙවන පුහුණු වැඩමුළුවේ පළමු පුහුණු වැඩසටහන 2023.10.10 වන දින ගොඩගම "නිමංසල" උත්සව ශාලාවේ දී පැවැත්විණි .

 

මේ සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ  බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ,ශ්‍රිමාල් ජයතිලක සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි සංජීව නවරත්න   යන මහත්වරුන් විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

කාන්තා ව්‍යවසායිකාවන් බල ගන්වමින් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ  ස්ථාවරත්වයක්   ඇතිකරලීම් අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන සංවිධානය විය.

මෙම අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශිය  ලේකම් බිනුප කැකුලාවල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ  ( සැලසුම්) නිලංකා සම්පත්  මහත්මිය, "chrysalis " ව්‍යාපෘති නිලධාරි ඉර්ෂාඩ් මහතා,විද්‍යා හා තාක්ෂණ නිලධාරී,   ගලවිලවත්ත දකුණ , වෙනිවැල්කොළ  වසම්හි ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගී විය.

මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

 

20231010TrainingWorkshop

20231010TrainingWorkshop 2

20231010TrainingWorkshop 3

20231010TrainingWorkshop 4

20231010TrainingWorkshop 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top