උද්‍යාන අලංකරණ ක්ෂේත්රයෙහි නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව , මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සහ හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද උද්‍යාන අලංකරණය පිළිබඳ පුහුණු වැඩසටහන 2023.09.07 දින ආරම්භ විය.
න්‍යායික දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත, දින 15ක මෙම පුහුණු වැඩසටහන සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභීන් සඳහා ,අදාළ ක්ෂේත්රය පිළිබඳ වැඩිදුරටත් අවබෝධය ලබාදීම සඳහා සංවිධානය වූ ක්ෂේත්‍ර අධ්‍යයන පුහුණුව 2023-10-13 වන දින ගම්පහ සෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ දී පවත්වන ලදී.
වෙසෙසින්ම , මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කොට ඇති මෙම පාඨමාලාව, රැකියා අභිමුඛව පවත්වන්නක් බැවින් එමගින් ආවරණය වන විෂයන් තුළින් උද්‍යාන කළමනාකරණයට අදාළ බොහෝ ක්ෂේත්රයන්හි නව ව්‍යවසායකයන් බිහිකිරීමට හැකියාව ලබාදීම මෙහි මූලික අරමුණ විය.
මෙම පුහුණුවේ එක් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වශයෙන් ජාතික උද්‍යානයක අධ්‍යයන චාරිකාවක් සිදුකරනු ලබන අතර, එහිදී , ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය මගින් මෙම පුහුණුලාභීන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම මෙම ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව මගින් සිදු කරනු ලැබීය.
මේ සඳහා පුහුණු ලාභීන් 26 දෙනෙකු සහභාගි වූ අතර මෙහි සම්බන්ධීකරණ දායකත්වය කාර්යාලයීය මානවසම්පත් නිලධාරී විසින් සිදුකරන ලදී.


















