ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වා වූ සතිය තුළ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන ( ජය විමන ) යටතේ හෝමාගම දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඉඩමක හිමිකම නොමැතිව ජීවත්වූ ඒ.ඒ.පී.ලක්ෂ්මන් මහතාගේ හා බී.එම්.රුවන් කුමාර මහතාගේ පවුල් දෙක වෙත ඉඩම් හිමිකම ලබාදී නව නිවාස දෙකක් ඉදිකර දීමට මුල්ගල් තැබීම ඉඹුලකන්ද සම්බුද්ධි විහාරස්ථානාධිපති යහමුල්ලේ අනුරවංශ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.
සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් දෙලක්ෂ පනස් දහසක ( 250,000/=) මූල්‍ය දායකත්වය මත පරිත්‍යාගශීලීන්ගේ හා ප්‍රජාවගේ සහයෝගය ලබාගනිමින් සුරක්ෂිතභාවය සහිතව මෙම නිවාස දෙක ඉදිකිරීමේ කටයුතු හෝමාගම දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී මානෙල් ගුණතිලක මහත්මිය විසින් සිදුකරනු ලබයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ සමෘද්ධි කළමණාකාරිනියන් වන ඊටා ඉලේසිංහ, වජිරා ජයතිලක , දයානි නවරත්න හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා ලක්මිණි යන මහත්මීන් ඇතුළු නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන කළමණාකරු ගෝපිකා පල්ලියගුරු මහත්මිය, දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර මහතා ඇතුළු නිලධාරීන්, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, හෝමාගම සමෘද්ධි කළමණාකරු සිතාරා චන්ද්‍රෙස්කර මහත්මිය , සමාජ සංවර්ධන නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය, චමිලා ජයතුංග මහත්මිය, හෝමාගම සමෘද්ධි කලාප සහකාර ප්‍රේමලතා ගමගේ මහත්මිය , හෝමාගම දකුණ ග්‍රාම නිලධාරිනිය හා සංවර්ධන නිලධාරිනිය හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.



















