×

පණිවුඩය

Invalid Page Request

ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ (රන්විමන) හෝමාගම උඩුවන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැහැණු දරුවන් හතර (4) දෙනෙකු සමග දිවි ගෙවූ අංක 291/2, පන්සල පාර, උඩුවන පදිංචි ඩබ්ලිව් .වසන්තිකා මහත්මියගේ පවුල වෙත ඉදිකල ' දිරිය' නිවහන භාරදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.

 

සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් හය ලක්ෂ පනස් දහසක ( 650,000/=)  දායකත්වයෙන් හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව රුපියල් ලක්ෂ පහලොවක පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවහන ඉදිකර භාරදීමේ කටයුතු උඩුවන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා පුෂ්පකුමාරි මහත්මිය විසින් සිදුකරන ලදී .

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ සමෘද්ධි කළමණාකාරිනියන් වන ඊටා ඉලේසිංහ, වජිරා ජයතිලක , දයානි නවරත්න හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා ලක්මිණි යන මහත්මීන් ඇතුළු නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන කළමණාකරු ගෝපිකා පල්ලියගුරු මහත්මිය, දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර මහතා ඇතුළු නිලධාරීන්, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, පිටිපන සමෘද්ධි කළමණාකරු පියනන්ද සමන්කුමාර මහතා, සමාජ සංවර්ධන නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය, චමිලා ජයතුංග මහත්මිය, උඩුවන ග්‍රාම නිලධාරිනිය, පිටිපන සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙම නිවහන භාරදීමේ අවස්ථාවට සහභාගී වූහ.

DiriyaHome20221017

DiriyaHome20221017 2

DiriyaHome20221017 3

DiriyaHome20221017 4

DiriyaHome20221017 7

DiriyaHome20221017 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top