ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ හෝමාගම බටවල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 40/4, බටවල,පාදුක්ක පදිංචි ආර්.ඒ.අජිත් කුමාර මහතාගේ පවුල වෙත ඉදිකල ' " සමෘද්ධි නිවස" භාරදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.

 

සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් හය ලක්ෂ හයක ( 600,000/=)  මූල්‍ය දායකත්වයෙන් හා ප්‍රෙදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව රුපියල් ලක්ෂ පහලොවක පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවහන ඉදිකර භාරදීමේ කටයුතු බටවල සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ශ්‍රියානි කොතලාවල මහත්මිය විසින් සිදුකරන ලදී .

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ සමෘද්ධි කළමණාකාරිනියන් වන ඊටා ඉලේසිංහ, වජිරා ජයතිලක , දයානි නවරත්න හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා ලක්මිණි යන මහත්මීන් ඇතුළු නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන කළමණාකරු ගෝපිකා පල්ලියගුරු මහත්මිය, දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර මහතා ඇතුළු නිලධාරීන්, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, මීගොඩ සමෘද්ධි කළමණාකරු ඒ.ආර්.රූපසිංහ මහතා, සමාජ සංවර්ධන නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය, චමිලා ජයතුංග මහත්මිය හා ප්‍රෙද්ශවාසීන් මෙම නිවහන භාරදීමේ අවස්ථාවට සහභාගී වූහ.

20221017SamurdhiHouse

20221017SamurdhiHouse 2

20221017SamurdhiHouse 3

20221017SamurdhiHouse 4

20221017SamurdhiHouse 6

20221017SamurdhiHouse 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top