ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 18 දිනය නම්කර තිබූ " ව්‍යවසායකත්ව සංවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම "එකමුතු" ව්‍යවසායක සංසදයේ සාමාජිකාවන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමේ අවස්ථාවන් සලසා දීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රෙය් ස්ථාපිත කර ඇති වෙළඳ කුටි තුල ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.

 

මෙම වෙළඳ කුටි අධීක්ෂණය කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (සමාජ සංවර්ධන ) ඊ.වී.යූ. පුෂ්පකුමාර යන මහතුන්ගේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ සමෘද්ධි කළමණාකාරිනියන් වන ඊටා ඉලේසිංහ, වජිරා ජයතිලක , දයානි නවරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන කළමණාකරු ගෝපිකා පල්ලියගුරු යන මහත්මීන් ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්විය.

සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල , මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි ,ව්‍යාපෘති කළමණාකරු ශානිකා ඩයස්, ව්‍යාපෘති සහකාර රේණුකා ජයසූරිය හා සංවර්ධන නිලධාරී (අලෙවි ) හර්ෂනා හේවගේ යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ ව්‍යාපෘති අංශය මගීන් මෙය සංවිධානය කරන ලදී .

 

Providingsalesopportunities

Providingsalesopportunities 2

Providingsalesopportunities 3

Providingsalesopportunities 4

Providingsalesopportunities 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top