ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 17 දිනය නම්කර තිබූ " බැංකු ප්‍රවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය ප්රමුඛ කරගෙන හෝමාගම කොට්ඨාසයේ මීගොඩ, හෝමාගම ,පිටිපන,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ශ්‍රම ශක්ති, ළමා ඇතුළු නව ගිණුම් ආරම්භ කිරීම හා ඉතුරුම් ගිණුම් සදහා මුදල් තැන්පතු භාර ගැනීම සිදුකරන ලදී .
සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති කළමණාකාර තුමිය ඇතුළු හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි (5) කළමණාකාර මහත්ම මහත්මීන් , බැංකු කාර්යය මණ්ඩලය ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් නව බැංකු ගිණුම් ආරම්භ කිරීම හා ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරන ලදී.



















