සමථකරණ සංකල්පය සහ සමථ මණ්ඩල කාර්යයෙහි නෛතික පැතිකඩ පිළිබඳ  රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ  ඒහා සමගාමීව උඩුවන ග්‍රාම නිලධාරී වසමෙහි  සහජීවන      කමිටු පිහිටුවීම 2023-10-21 වනදින  උඩුවන සේවා පියස පරිශ්‍රයේදී පැවැත්විණි .

 

සමථකරණ සංකල්පය හා සමථ මණ්ඩල කාර්යය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර එමගින් සමථකරණ ක්‍රියාවලිය  ජනතාව අතර ප්‍රචලිත කර  ඒ ඔස්සේ  ප්‍රජාව වෙත  සහන සැලසීමද, සහජීවන කමිටු වසම් මට්ටමින් පිහිටුවා එහි ප්‍රතිලාභ ජනතාව අතර බෙදා හැරීමට මූලික පියවර සැකසීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

උඩුවන ග්‍රාම නිලධාරී වසමෙහි  ආර්ථික සංවර්ධන නිලධාරිනිය විසින්  සම්බන්ධීකරණය කරනලද මෙම වැඩසටහන මගින්,  එම වසමෙහි ග්‍රාම සේවා නිලධාරී ,සමෘද්ධි සංවර්ධන නිලධාරී,  ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමථකරණ කාර්යය හා එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් දැනුවත්  කර උඩුවන වසමේ ප්‍රජාව ඒකරාශී කර සහජීවන කමිටු සඳහා නිලධාරී මණ්ඩලය  පත් කර මූලික දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මේ  සඳහා සම්පත්දායකත්වය සමථ සංවර්ධන  නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය විසින් ලබාදෙන ලදී.

20231021Mediation

20231021Mediation 2

20231021Mediation 3

20231021Mediation 4

20231021Mediation 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top